top of page

මනුෂ නානායක්කාර ප්‍රකාශයක් ලබා දීමට CIDයට



හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශයක් ලබා දීමට අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම ඊයේ (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පිරිස් මෙම දැනුම්දීම සිදු කළා.

මෙම පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නොවැම්බර් 21 වැනිදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළා.


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page