top of page

මර්වින් සිල්වා සහ තවත් දෙදෙනෙකු මාර්තු 17වනදා දක්වා රිමාන්ඩ්



හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ තවත් දෙදෙනෙකු මාර්තු 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. කැලණීය ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් කූඨ ලේඛන සකස්කර අලෙවිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහජන සබඳතා පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාල වකවානුවේදී කැලණිය ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් කූඨ ලේඛණ සකසා අලෙවි කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ අනුව එම දෙපාර්තමේන්තුව විමර්ශන ක්‍රියාත්මක කළා.

ඒ අනුව එම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයා පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ රාත්‍රි 8.30ට පමණයි.

එලෙස අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා ප්‍රශ්න කිරීම් සඳහා ඊයේ රාත්‍රියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එනු ලැබුවා.


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page