මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නැවතත් රිමාන්ඩ්
- News Room
- Apr 10
- 1 min read

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ අප්‍රේල් 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
අද (10) ඔහු කුරුණෑගල පිලස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
වාහන ලියාපදිංචි කිරීමේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පසුගියදා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ අතර, එහිදී ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.




Comments