top of page

මෙන්ඩිස් සමාගමට බදු ගෙවන්න අවසන් දින නියම කරයි



ලබන 30 වනදා වන විට හිඟ බදු ගෙවීමට අපොහොසත් වුවහොත්, මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, ඒ සම්බන්ධයෙන් වන උපදෙස් මේ වන විටත් අදාල සමාගමට යොමු කර ඇති බවයි. මේ අතර,මාස 06 ක සිරදඬුවම් නියම කළ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් නමැත්තා තමන්ව ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාල මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවට එරෙහිව එම තැනැත්තා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බවයි අභියාචනාධිකරණය කියා සිටියේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page