top of page

මිනුවන්ගොඩ වෙඩිතැබීමක්



මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී අද (26) උදෑසන 11ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පවසයි. වෙඩිතැබීමෙන් 36ක පමණ පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය. වෙඩි වැදුනු පුද්ගලයා ත්‍රීරෝද රථගාලේ සිටිය දී වෙඩිතැබීම සිදුව ඇත.

වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර, තුවාලකරුගේ පාදයකට සහ අතකට වෙඩි වැදී මේ වනවිට ඔහුව ගම්පහ රෝහලට මාරුකර යවා තිබේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පාසල් මිතුරෙකු බව ද අනාවරණය වී ඇත.

Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page