top of page

මෙම මස ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවෙයි



ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව නොවැම්බර් මස ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (3) පැවසීය.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස පැවැති ලිට්‍රෝ ගෑස් මිල තව දුරටත් පවති බව ද ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 3,690 ක, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 1,482 ක සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 694 ක තව දුරටත් පවතින බව ද සභාපතිවරයා වැඩි දුරටත් කීය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page