top of page

මියන්මාර භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළට



මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644 ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක අතර චීන ගලවා ගැනීමේ කණ්ඩායමක්ද මෙහෙයුම් සඳහා එක්වී සිටිනවා.

මේ අතර මියන්මාරයේ මැන්ඩලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලික රෝහලක් බවට පත්කිරීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.

ආපදාවට පත්වූවන් සඳහා සහන සැපයීමට ඉන්දියාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් මියන්මාරයට මානුෂීය ආධාර ලබාදීමට තීරණය කර ඇති අතර ඉන්දියාවෙන් ටොන් 60 ක සහනාධාර සහිත ගුවන් යානා දෙකක් මියන්මාරයට යවා තිබෙන බවත් බ්‍රිතාන්‍යය විසින් පවුම් මිලියන 10 ක ආධාර ලබාදී ඇති බවත් සඳහන්.

මියන්මාරයේ කුමන්ත්‍රණ විරෝධී සටන්කාමීන් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇති අතර භූමිකම්පාවෙන් පසු ගලවාගැනීමේ සහ සහන කටයුතු සඳහා ඉඩ සැලසීමේ අරමුණෙන් ඔවුන් එම සටන් විරාමය ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page