මෙරටට සංචාරකයින්ගේ පැමිණීම ඉහළට
- News Room
- Dec 8, 2024
- 1 min read

මෙම වසරේ මේ මස 04 වනදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව දහඅට ලක්ෂ විසිඅටදහස් අටසිය තිස් එකක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මෙම මාසයේ ගතවූ පළමු දින 04 තුළදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 4,418 ක්.
මීට අමතරව මෙරටට සංචාරකයින් පැමිණි රටවල් අතරට ඉන්දියාව, බ්‍රිතාන්‍ය, පෝලන්තය, චීනය ඕස්ටේලියාව, ජර්මනිය, ප්‍රංශය, බංග්ලාදේශය සහ ඇමරිකාව යන රටවල් ද ඇතුළත්.
Comments