top of page
News Room

මාලදිවයිනේ ඩොලර් සංචිත සිඳී යයි



මාලදිවයිනේ සියලු ඩොලර් සංචිත සිඳී ගොස් ඇතැයි වාර්තා වෙයි. අපේක්ෂිත ආදායම් මත පමණක් රැඳෙමින් පාලනයකින් තොරව මූල්‍ය විධි විධාන පවත්වා ගැනීම මෙම මූල්‍ය අර්බුදයට හේතුව බව, එරට හිටපු  මුදල් අමාත්‍ය ඉබ්‍රහිම් අමීර් (Ibrahim Ameer) පවසයි. 

නවතම ෆිච් (Fitch) සහ මූඩි (Moody) ශ්‍රේණිගත කිරීම් හි, මාලදිවයින් සමස්ත ණය ශ්‍රේණි ගත කිරීම් පහත හෙළා තිබේ. 

මාලදිවයින් මූල්‍ය අධිකාරිය විසින් මේ පිලිබඳ එරට මුදල් අමාත්‍යංශය වෙත අනතුරු අඟවමින් මීට පෙර ලිපියක් යොමු කර තිබුණද, ඊට දින කිහිපයකට පසු, එරට සියලු ඩොලර් සංචිත අවසන් බව දැනුම් දීමට කටයුතු කෙරිණි. එරට ඉතිහාසයේ විදෙස් මූල්‍ය සංචිත සෘණ අගයක් කරා ඇද වැටුණු ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වෙයි. ඉකුත් 21 වන දා වනවිට, මාලදිවයින් රජය විසින් ගෙවිය යුතු සමස්ත විදෙස් ණය වාරිකය ඇමෙරිකානු ඩොලර් මිලියන 25 ක් තෙක් ඉහළ ගොස් තිබිණි.

תגובות


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page