top of page

යළි ක්‍රියාත්මක වන පොලිස් මහජන සහන මැදිරිය



පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ඔක්තෝම්බර් 11 වන දින සිට යළි මහජන සහන දිනය ආරම්භ කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඔක්තෝම්බර් 11 සිට රජයේ නිවාඩු දිනයක් නොවන සෑම සිකුරාදා දිනකම පෙ.ව 9.00 ට කොළඹ 02, සර් චිත්තපලම් ඒ. ගාඩිනර් මාවත, අංක 140 ලිපිනයේ ස්ථාපිත නව පොලිස් මූලස්ථානයේදී මහජන දිනය පැවත්වෙන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.

පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශ මගින් තම පැමිණිලි සඳහා අපේක්ෂිත සහනයන් ලබාගැනීමට නොහැකිවූ අයට මෙමගින් සහන සලසා ගත හැකියි.

Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page