යුද හමුදා කඳවුරක පුහුණුවීම් තාවකාලිකව අත්හිටුවයි
- News Room
- Nov 18, 2024
- 1 min read

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් වෙඩිතලතිව් යුද්ධ හමුදා ආධුනික පුහුණු කඳවුරේ පුහුණුවීම් අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙඩිතලතිව් ආධුනික පුහුණු පාසලේ පුහුණුව ලබන ආධුනික සෙබළුන් අතරේ හටගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් එහි පුහුණුවීම් තාවකාලිකව අත්හිටුවා වෛද්‍ය නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ එම කඳවුර නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
පසුගිය 11 වැනිදා සිට පුහුණුවීම් වල නිරත ආධුනික සෙබළුන් මෙලෙස උණ රෝගි ලක්ෂණ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට යෙමුකර ඇති අතර, මේ වනවිට 25 දෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසුව නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල රෝගී තත්ත්වය පසුවන බැවින් ඔහු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි යුද හමුදාව වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේවෙතත් මේ වනවිට මෙම උණ රෝගී තත්ත්වය පැතිර යාම සාර්ථකව පාලනය කර ඇති බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
Comentários