top of page

යෝෂිතට ඇප



මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට රුපියල් මිලියන 50ක ශරීර ඇප දෙකක් යටතේ ඇප හිමිව තිබෙනවා. ඒ ඔහු අද(27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

පෙරේදා බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් යෝෂිත රාජපක්ෂ අධිකරණයට රැගෙන එනු ලැබුවා. මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ඇතුළු රජයේ නීතිඥවරු පිරිසක් පෙනී සිටියා.


コメント


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page