top of page

රජයේ මුද්‍රණාලය නොසන්සුන් වෙයි



රජයේ මුද්‍රණාලයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ඒ අනුව මුද්‍රණාල සේවකයෙකු හා එහි ආරක්ෂක නිලධාරියෙක් අතර මෙම උණුසුම් තත්ත්වය හට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ආහාර ලබාගැනීම සඳහා මුද්‍රණාලයෙන් පිටව ගොස් ඇති අදාළ සේවකයා නැවත මුද්‍රණාලය තුළට එනවිට ආරක්ෂක නිලධාරියා සමග බහින්බස් වීමක් ඇතිව තිබෙන බවද, පසුව ආරක්ෂක නිලධාරියා තියුණු ආයුධයකින් සේවකයාට පහරදීමට උත්සාහ දරා ඇති බවද සඳහන්. පසුව පොලීසිය පැමිණ සිද්ධිය සමථයකට පත්කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page