top of page

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සංකේත වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (31) දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් දියත් කර තිබෙනවා.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් නීතිවිරෝධී ලෙස සිදු කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින්, අද (31) පෙරවරු 8.00 සිට දිවයින පුරා පිහිටි සියලු රෝහල්වල මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ.

කෙසේ වෙතත්, මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනවල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බව ද ඔහු ප්‍රකාශ කළා.

මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවන්නේ නම්, ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page