top of page

රත්‍රං මිල ඉතිහාසයේ ඉහළම අගයට



මේ වන ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉතිහාසයේ ඉහළම අගයට පැමිණ තිබේ. 

ඒ අනුව අද (17) වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක්වූ ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ, වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ, සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පවසන්නේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත්කළ තීරුබදු ප්‍රකාශයත් සමග ගෝලීය වෙළෙඳපොළේ රන් මිල නව ඉහළම අගයකට පැමිණ ඇති බවයි.

ගෝලීය රන් මිල ඉහළ යෑමට බලපාන සාධක අතර අමෙරිකානු ඩොලරයේ වටිනාකම පහත වැටීම සහ ආරක්ෂිත විකල්පයක් ලෙස ආයෝජකයන් රන් මිලදී ගැනීමට යොමුවීම හා අමෙරිකාව සහ චීනය අතර ඉස්මතුවෙමින් පවතින වෙළෙඳ යුද්ධය ප්‍රධාන ස්ථානයක් ගෙන තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ අතර ගෝලීය රන් මිල ඉහළ යාමට සමගාමීව ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ද වාර්තාගත ලෙස අද වන විට ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ දෛනික රන් මිල පිළිබඳ විශ්වාසනීය තොරතුරු නිකුත් කරන GOLDCeylon Gold News Network සඳහන් කරන්නේ අද උදෑසන වන විට හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රු. 242,000ක් දක්වාත්, කැරට් 24 ක රන් පවුමක මිල රු. 262,000 ක් දක්වාත් ලෙසින් ඉතිහාසයේ ඉහළම මට්ටම්වලට පැමිණ ඇති බවය.

ඊයේ (16) දිනයේ දී ශ්‍රී ලංකා වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 238,300ක් හා කැරට් 24 රන් පවුමක මිල රුපියල් 259,000ක් ලෙසින් සටහන්ව තිබුණි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page