top of page

රනිල්ගේ සහයට ගිය පොහොට්ටු මන්ත්‍රීන්ට පක්ෂයේ දොර වැහේ

Updated: Aug 22, 2024



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට කටයුතු කළ කිසිවෙකුත් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් කර නොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුරයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මංගල ජන රැළියට එක්වෙමින්.

එම ජන රැළියට එක්වෙමින් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සඳහන් කළේ තම රජයක් තුළ මහින්ද චින්තනය මත පදනම් වූ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවයි.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන, ජන රැලි මාලාවේ මංගල රැළිය අනුරාධපුර කඩ පනහ ක්‍රීඩාංගනයේදී අද (21) පැවැත්වුණා.

Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page