top of page

රනිල්ට ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය



එළැඹෙන ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) තීරණය කළේය. කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් එම කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව අනාවරණය කළේය. මෙහිදී ජාතික සභාවේ සියලුම සාමාජිකයන් ඒකමතිකව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත. ඒ අනුව ලංකා කම්කරු කොංග්‍රසය සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඉදිරියේදී අත්සන් කිරීමටද නියමිත බව ජීවන් තොණ්ඩමන් මහතා මෙහිදී පැවසීය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page