රනිල් වික්‍රමසිංහ සජබ ප්‍රබලයින් සමඟ සාකච්ඡා
- News Room
- Jan 31
- 1 min read

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. පාර්ලිමේන්තුවෙන් පිටතදී ශක්තිමත් දේශපාලන බලවේගයක් ගොඩනැගීමේ අරමුණින් පැවැති එම සාකච්ඡාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
සමගි ජනබලවේගය නියෝජනය කරන මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් යන මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී තිබෙනවා. එමෙන්ම හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන යන අයද මීට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
Comments