top of page

පොහොර සහනාධාර රබර් වගාවටත්



රබර් වගාව සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව එම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබා දීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය පැවසීය.

රබර් වගා කටයුතු සඳහා වසර ගණනාවක් තුළ පොහොර යෙදවීම සිදුකර නොමැති බවට ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් පෙන්වා දී ඇති බව සඳහන්ය. ඒ හේතුවෙන් වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා අඩු වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page