රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට
- News Room
- Feb 3
- 1 min read

පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ රංගන ශිල්පී හේමාල් රණසිංහ වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අද (03) උදෑසන පොලිසියට භාරවීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. පසුගිය ජනවාරි මස 8 වැනිදා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුව, ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට අවස්ථා කිහිපයකදී පොලිසියට පැමිණෙන ලෙසට දැනුම් දී තිබූ පසුබිමකයි අද නීතිඥයෙකු මාර්ගයෙන් ඔහු පොලිසියට භාරවී ඇත්තේ.






Comments