රේගු ආදායම මාස 06ක් තුළ රුපියල් ට්‍රිලියනය ඉක්මවයි
- News Room
- Jul 4
- 1 min read

මෙම වසරේ ගතවූ මාස 06 ක කාලය තුළ දී ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් ට්‍රිලියනය (බිලියන 1000) ඉක්මවූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා. ඒ අනුව, මෙම වසරේදී රජය ලබාදුන් ආදායම් ඉලක්කය වන බිලියන 2115 සීමාව පසුකර යෑමට හැකිවනු ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ. ශ්‍රී ලංකා රේගුව තුළ ක්‍රියාත්මක වූ ආදායම් එකතු කර ගැනීමේ ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා මෙය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණු බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Comments