top of page
News Room

රාජිත පිම්මක් පනින ලකුණු...

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට එක්වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.



ඒ පිළිබඳ  ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් විශේෂ නියෝජිතයකු සමඟ හිටපු අමාත්‍යවරයාගේ සමීපතමයන්ද ඊයේ (12) රාත්‍රීයේ පානදුර ප්‍රදේශයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ  බවද හෙතෙම පැවසීය. හිටපු අමාත්‍යවරයා ඊයේ (13)පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත් ඉටුකිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් ලබාදීමට නියමිත බව වාර්තා වේ. එම අවස්ථාවට කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක්ද සහභාගී වීමට සූදානම්ව සිටින බවද සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා  පසුගිය මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයේ තේරී පත්වූ මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් කෙනෙකි.

0 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page