ජීවන වියදම් දීමනාව මාසිකව රු 25,000ක්
අවම වැටුප 24%කින් ඉහළට
පාඨමාලා හැදෑරීමට පඩි සහිත නිවාඩු
නව නිවාස
නිවසේ සිට රාජකාරී කිරීමට අවසර
විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වනවිට එළිදක්වා තිබේ. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් "පස් වසරක මෙහෙයුම පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීය.
එම ප්‍රතිපත්ති ප්‍රකාශය https://www.ranil2024.lk යන වෙබ් අඩවිය හරහා ජනාධිපතිවරයා එළිදක්වනු ලැබීය.
පස් අවුරුදු සැලැස්මේ විශේෂයෙන් අවධානයට යොමුකර ඇති කරුණු කිහිපයකි. එනම්,
බදු බරට සහනයක්
තව නොබෝ දිනකින් දැනට ක්‍රියාත්මක බදු ස්තර අතර පරතරය පුළුල් කිරීමටත්, බදු ප්‍රතිශතය සංශෝධනය කිරීම.
වෘත්තීය නිපුණයන්ට බද්දෙන් නිදහස් සේවා දිරි දීමනාවක්.
අතුරු බදු අහෝසි කිරීමට පියවර.
අගහිඟකම් නැති පරපුරක්
උවඳුරුවලින් පීඩා විඳින අගහිඟකම් ඇති ජනගහනය 10% දක්වා අඩුකර සමාජ ආරක්ෂණ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම.
ජීවනාධාර අවශ්‍ය පවුල් ලක්ෂ 24කට ප්‍රතිලාභ.
දිළිඳු පවුල්වලට උපරිම 15,000ක් දක්වා දීමනා ලබාදෙන අතර එම පවුල්වල වකුගඩු, ආබාධ සහිත අයට සහ වැඩිහිටියන්ට වෙනම දීමනාවක්
දේපොළ හිමිකම
වසර 4ක් තුළ කොළඹ නගරයේ රජය සතු අඩු ආදායම් නිවාස අයිතිය.
මධ්‍යම පාන්තිකයින්ට සහනදායි නිවාස ණය.
වතු සේවක ජනතාවට නව ගම්මාන.
ලයින් කාමරවල වෙසෙන අයට ඉඩමක්.
රාජ්‍ය සේවය
2025 පාදක වසර ලෙස සලකා සියලුම රාජ්‍ය සේවකයින්ට ජීවන වියදම් දීමනාව මාසිකව රු 25,000ක් ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ.
එහි තවදුරටත් දක්වා ඇත්තේ රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩිකර ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රු 55,000ක් ලෙසත් අනිකුත් සියලුම තනතුරු සඳහා මුලික වැටුප ඒ අනුව ගලපන බව ද ජනාධිපතිවරයා සිය පස් අවුරුදු සැලැස්ම තුළින් එළිදක්වා ඇත.
වයස අවුරුදු 40ට අඩු රාජ්‍ය සේවක සේවිකාවන්ට සේවා කාර්යක්ෂමතාව වැඩි දියුණු කරලීමට ඉවහල්වන පාඨමාලා හැදෑරීම සඳහා පඩි සහිත නිවාඩු ලබාදීම.
රාජ්‍ය ප්‍රතිපත්ති හා පරිපාලන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම.
කුසලතාව මත පදනම් වූ උසස් වීම් ක්‍රමවේදයක්.
රාජ්‍ය සේවය කාර්යක්ෂම හා විධිමත් තලයකට ඔසවා තැබීමට ලැප්ටොප්, ටැබ්, ස්මාර්ට් දුරකථන රාජ්‍ය සේවකයින්ට සහන පදනමින් ලබාදීම.
රජයේ නව නිවාස වැඩ පිළිවෙලේ දී නිවාස හිමිකම් නොමැති රාජ්‍ය සේවකයින්ට ප්‍රමුඛතාවය ලබාදීම.
ආපදා ණය මුදල ඉහළ නැංවීමටත්, දේපළ හා නිවාස ණය යළි ලබාදීමටත් කටයුතු කරනවා.
නිවසේ සිට රාජකාරී ඉටු කළ හැකි සේවාවවන් නිවසේ සිට ඉටු කිරීමට අවසර ලබාදෙනවා.
නිශ්චිත හා විධිමත් ස්ථාන මාරු ක්‍රමයක් හඳුන්වා දීම.
විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්
නවීන පහසුකම්වලින් යුතු ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන රට පුරා ඉදි කිරීම.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා ජාතික ප්‍රතිපත්තිය 2025 වසරේ සංශෝධනය කිරීම.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සමාජ, සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රජා මණ්ඩල මඟින් විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කිරීම.
අලුත් රස්සා ලක්ෂයක්
2025 වසර තුළ රැකියා 100,000ක් ලබාදීම.
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළින් ඔබ්බට අධ්‍යාපනය ලබන්න අවසර නොලැබෙන තරුණ තරුණියන් වෙනුවෙන් සංචාරක, නිෂ්පාදන කර්මාන්ත ආදි පුද්ගලික අංශය හා එක්ව නව වැඩපිළිවෙලක් 2025 වසරේ ආරම්භ කිරීම.
එම තරුණයින්ට ඒ ආයතනවල වෘත්තීය පුහුණුව ලබාදෙන අතර පුරා වසරක් පුරා ඔවුන්ට රජයෙන් රුපියල් 35,000ක දීමනාවක්.
පුද්ගලික අංශයේ කැමැත්ත පරිදි ඔවුන්ට තවත් මුදලක් එක් කිරීම හෝ පුහුණුවෙන් පසු ඔවුන්ට ඒ ඒ සමාගම්වල රැකියා අවස්ථා හිමිකර දීම.
රට රස්සා
විදෙස් ශ්‍රමිකයින්ට නිවාස යෝජනා ක්‍රම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, තීරු බදු සහන ආදි පහසුකම්.
විදේශ වෙළෙඳපොළ පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයක්.
විදේශයන්හි වැඩිහිටියන් රැකබලා ගැනීම, දාරක සුරැකුම් සේවාන්හි රැකියා අවස්ථා.
සිරකරුවෝද මනුෂ්‍යයෝය
විවිධාකාරයේ දඬුවම් ලබන රැඳවියන්, සිරකරුවන් රිමාන්ඩ් හා දිගු කාලීන බන්ධනාගාරගත කිරීම යළි විමසීමකට භාජනය කිරීම.
අනීතික මත්ද්‍රව්‍ය දුරැලීම
මත්ද්‍රව්‍ය මැඩලීමෙහි සිට මත්ලෝලීන් පුනරුත්ථාපනය දක්වා සියලු කාර්යයන් ආවරණය වන පරිදි පුළුල් බලතල සහිත මත්ද්‍රව්‍ය මැඩලීමේ අණදෙන මුලස්ථානයක් ස්ථාපිත කිරීමට නව පනතක් කෙටුම්පත් කිරීම.
සංස්කෘතික පුරවැසියෙක්
මහනුවර ආශ්‍රිත බෞද්ධ ශිෂ්ටචාරය පිළිබඳ ඩිජිටල් කෞතුකාගාරයක් බිහි කිරීම.
ත්‍රිපිටක අධ්‍යයනය සඳහා කෘත්‍රීම බුද්ධිය, නව තාක්ෂණික දැනුම ඇසුරින් පහසුකම් ඇති කිරීම හා මහා විහාර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම.
දක්ෂිණ කෛලාශ කෝවිල් වන්දනාව හඳුන්වා දීම.
ලලිත කලා
දේශීය කලාකරුවන්ගේ කුසලතා ඔපවත් කිරීමට, කලා හා සංස්කෘතික කේෂ්ත්‍රයේ ජාත්‍යන්තර ප්‍රවණතා උකහා ගැනීමටත් අවශ්‍ය පසුබිම සකසා දීමට ආනන්ද කුමාරස්වාමි ජාත්‍යන්තර කලා හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය නම් කිරීම.
දකුණු ආසියානු සංස්කෘතික කේනද්‍රයක් පිහිටුවීම.
ජාතික චිත්‍රපට සංස්ථාව වර්තමාන ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ට සරිලන සේ චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාවක් බවට පත්කර ෆිල්ම් ශ්‍රී ලංකා යනුවෙන් නම් කිරීම.
වාරණ මණ්ඩලය අහෝසි කර ප්‍රසිද්ධ රැගුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට පනත සම්මත කිරීම.
යහපත් මාධ්‍ය පරිසරයක්
ජනමාධ්‍යවේදය උදෙසා උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම.
විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිෂන් සභාවක් පිහිටුවීම.
අනිවාර්යයෙන් කළ යුතු සංශෝධන
ජනාධිපතිවරණයෙන් පසුව එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වගකීම පාර්ලිමෙන්තුවට ලබාදීම.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ ද ? නැද්ද ? යන තීරණය නව පාර්ලිමේන්තුවට පැවරීම.
නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමේ කාර්යයද නව පාර්ලිමේන්තුවට ලබාදීම.
පුරවැසි ඡන්දයෙන් තේරීපත්වන නියෝජිතයින්ට රජය සමග ව්‍යාපාර කරලීම අහුරන නීති සම්මත කිරීම.
දෙවැනි මන්ත්‍රණ සභාවක් ස්ථාපිත කිරීම.
Kommentare