ලක්ෂ 300ක අල්ලසක් ගත්තැයි එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් අත්අඩංගුවට
- News Room
- Aug 14, 2024
- 1 min read

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්‍ෂයෙන් නාමයෝජනා දීමට රුපියල් ලක්‍ෂ 300 ක අල්ලස් මුදලක් ගනිද්දී එම පක්‍ෂයේ ලේකම්වරයා ඇතුළු විධායක සභිකයන් කීපදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය.
අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් කොමිසමට කළ පැමිණිල්කට අනුව කළ වැටලීමකදී වැලිකඩ ප්‍රදේශයේ ප්‍රසිද්ද ව්‍යාපාරික සංකීර්ණයකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
බොරැල්ලේ පිහිටි වැලිකඩ ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී අදාල පුද්ගලයන් මුදල් ලබාගනිද්දී අද (14) පස්වරුවේ අත්අඩංගුවට පත්වූ බව ද එම ප්‍රකාශකයා කීය.
Comments