top of page

ලෝක බැංකුවෙන් ලංකාවේ ආර්ථිකය ගැන කියන දේ



ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම, අනාගතය සඳහා විවෘත කිරීම යන වාර්තාව මඟින් ලෝක බැංකුව පවසනවා.

ඒ අනුව 2024 දී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එය පෙර පුරෝකථනයන් අභිබවා යාමක් බවත් එහි සඳහන්. එමෙන්ම, 2025 සඳහා අපේක්ෂිත වර්ධනය 3.5%ක් බවත් එහි සඳහන්.

කර්මාන්ත හා සංචාරක අංශ මඟින් දැක්වූ දායකත්වය මුල් කරගත් කාර්තු හතරක් පුරා සිදු වී ඇති ආර්ථීකයේ අඛණ්ඩ වර්ධනය මෙන්ම, තීරණාත්මක ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මත මෙම ධනාත්මක ඉදිරි දැක්ම ගොඩ නැගී ඇති බවයි ලෝක බැංකුව සඳහන් කරන්නේ.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page