top of page

ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදී මරුට

News Room


මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. හිටපු මන්ත්‍රීවරයාට අයත් කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි කාර්යාලයේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙය ඝාතනයක් ද නැතිනම් සියදිවි නසාගැනීමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.මෙලෙස මියගොස් ඇත්තේ කටුගස්තොට, අලදෙණිය වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලෙකි. කටුගස්තොට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page