top of page

වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි



වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (17) යෙදී තිබේ.

බෞද්ධ සැදැහැවත් ජනතාවට ශාසනික වශයෙන් වැදගත් පොහොය දිනයක් ලෙස වප් පුර පසළොස්වක පොහොය සැලකේ. වස්සාන සමයේ අවසන් පුර පසළොස්වක පොහොය මෙන්ම කඨින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද වප් පුර පසළොස්වක පොහොය දිනය යි.බෞද්ධ ඉතිහාසයේ ද ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකෙන වප්පුර පසළොස්වක පොහොය බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්සපුරයට වැඩමවීම අද වැනි පොහෝ දිනක සිදුව ඇති බව සඳහන්ය. මතු බුදුවන මෛත්‍රී බෝ සතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම සහ විවරණ ලැබීම ද අද වැනි පොහොය දිනක සිදුව තිබේ.

සංඝමිත්තා තෙරණිය සහ ජය ශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩමවීම සඳහා අරිට්ට අමාත්‍යවරයා දඹදිවට පිටත්ව යාම සිදුව ඇත්තේ අද වැනි පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

コメント


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page