විජිතගෙන් දිනයක් සහ වේලාවක් ඉල්ලන ගම්මන්පිල
- News Room
- Oct 19, 2024
- 1 min read

තමන් සතුව පවතින පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවල ඇමුණුම් භාරදීමට දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙස අමාත්‍ය විජිත හේරත්ට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යොමු කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
කොළඹ අද (18) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේ.
එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපතිවරණයට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හෙළි කළ යුතු බව පැවසූ ආණ්ඩුව බලයට පත්වූ පසු එය සිදු නොකිරීම බරපතල ගැටලුවක් බවයි.




Comments