වෛද්‍යවරුන්ගේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය
- News Room
- Sep 11, 2024
- 1 min read

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන බදාදා (18) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
විධිමත් පැමිණිල්ලකින් තොරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ඇති විනය පරීක්ෂණයට එරෙහිව මෙම වර්ජන ක්‍රියාමාර්ගය ගෙන ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.
මීට අමතරව අද (10) දින සිට සියලුම රෝහල්වල දින 07ක් කළු කොඩි ප්‍රදර්ශනය කිරීමට ද තීරණය කර ඇති බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.






Comments