top of page

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනා නොලැබෙයි



ලංකා විදුලි සේවක සංගමය විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, එවැනි ප්‍රසාද දීමනාවක් මේ අවස්ථාවේදී ලබා නොදීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ ලංකා විදුලිබල මණ්ඩලය විශාල ලාභයක් ලැබුවද, එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලිබිල අඩු කිරීම සඳහා යොදවා ඇති බවයි එහි අධ්‍යක්ෂ මණ්ඩලය අවධාරණය කර ඇත්තේ.

ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින්, දෙසැම්බර් 10 වැනිදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page