top of page

විදුලි සැර වැදී 14 හැවිරිදි දැරිවියක් ජීවිතක්ෂයට



නවගත්තේගම පොලිස් වසමේ තරණගහවැව ප්‍රදේශයේ දී ගැහැණු දරුවෙකුට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, විදුලි සැර වැදුණු දරුවාව පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ 14 හැවිරිදි ඉහළ කුරුකැටියාව, නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනාරක්ෂිත විදුලි රැහැනක් මඟින් බ්ලෙන්ඩරයකට විදුලිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට යෑමේ දී දැරියට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page