විදේශීය සිසුන් සීමා කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කරයි
- News Room
- Aug 27, 2024
- 1 min read

එළඹෙන 2025 නව වසර සඳහා ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය සීමා කිරීමට එරට රජය කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව, නව වසර සඳහා විදේශීය සිසුන් බඳවා ගැනීමේ සංඛ්‍යාව 270,000කට සීමා කරන බවයි ඕස්ට්‍රේලියානු රජය සඳහන් කරන්නේ.
වාර්තාගත ලෙස විදෙස් සිසුන්ගේ පැමිණීම නිසා එරට නිවාස කුලී මිල ද ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.
එමෙන්ම කොවිඞ් වසංගත කාලය තුළ සිසුන් සඳහා විවිධ සහන සැලසුවද වසංගතයෙන් පසු මේ වනවිට එරට විශ්ව විද්‍යාලවල විදේශීය සිසුන් සියයට 10කින් පමණ වැඩි බවයි වාර්තා වෙන්නේ.
මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, එරට රජය ඔවුන්ගේ නිශ්චිත ඇතුළත් වීමේ සීමාවන් පිළිබඳව ඉදිරියේදී විශ්ව විද්‍යාල දැනුවත් කරන බවයි.
Comments