විපක්ෂ නායක අසුනේ වාඩි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සමාව ඉල්ලයි
- News Room
- Nov 26, 2024
- 1 min read

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධව සමාව ඇයැද තිබෙනවා.
ඒ අනුව නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (25) පාර්ලිමේන්තුවේ පැවැති දැනුවත් කිරීමේ වැඩමුළුවේදී ඔහු මෙලෙස සමාව ඇයැද ඇති බවයි සඳහන් වෙන්නේ.
තමන් සිතාමතා විපක්ෂ නායක අසුනේ අසුන් ගැනීමක් සිදු නොකළ බවත් තමන් එවැනි වැරදි දෙයක් සිදු කළේ නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.






Comments