වියට්නාම ජනාධිපති අද මෙරටට
- News Room
- May 7
- 1 min read

වියට්නාම ජනාධිපති ටෝ ලම් (To Lam) මහතා නිල සංචාරයක් සඳහා අද (07) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඒ අනුව වියට්නාම් ජනාධිපතිවරයා අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපතිවරයා සමඟ දූත පිරිස 200ක් පමණ මෙම සංචාරය සඳහා සහභාගී වනු ඇති බව ද සඳහන්ය. වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා හෙට (08) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබේ. මේ අතර වියට්නාම ජනාධිපතිවරයාගේ මෙරට සංචාර කාලසීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව අද සහ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.




Comments