විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට යෝජනා
- News Room
- Jan 22, 2025
- 1 min read

ශ්‍රී ලංකාවේ විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ මූලිකත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා පවත්වා ඇති බවයි සඳහන් වෙන්නේ.
ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබාගැනීමටත්, ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමත් යෝජනා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.






Comments