විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය ඉහළට
- News Room
- Sep 10, 2024
- 1 min read

විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එකී වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යතුමා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මඟින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර තිබුණි.
එම යෝජනාව සැලකිල්ලට ගෙන, මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500 දක්වාත් 2025අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.






Comments