වීසා නොමැති විදේශිකයන් 08 ක් අත්අඩංගුවට
- News Room
- Dec 3, 2024
- 1 min read

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඊයේ (02) පස්වරුවේදී නුවරඑළිය පොලිස් වසමේ, හාවාඑළිය ප්‍රදේශයේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් අවුරුදු 28-65 අතර වයස්වල පසු වන ඉන්දුනීසියානු ජාතිකයින් බවත් පොලීසිය පවසා සිටියා.
නුවරඑළිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි සඳහන් වන්නේ.






Comments