වාහන අනතුරකින් චීනයේ පුද්ගලයින් 35 ක් මරුට
- News Room
- Nov 12, 2024
- 1 min read

චීනයේ ෂුහායි ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ඉදිරිපිට ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙත වාහනයක් කඩා වැදීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් 43 ක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. අනතුර සිදුකළ රියදුරු මේවන විට කෝමා තත්ත්වයෙන් පසුවන බවත් ඒ හේතුවෙන් පොලිසියට අනතුර පිළිබඳ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටද නොහැකිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Comentarios