top of page

ශ්‍රී ලංකන් ගණුදෙනුවකට නාමල් CIDයට



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) කැඳවා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකන් සමාගමට කුප්‍රකට කපිල චන්ද්‍රසේන මැදිහත්ව සිදුකළ එයාර්බස් ගනුදෙනුව පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නාමල් රාජපක්ෂ මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාල ගනුදෙනුව සම්බන්ධයෙන් පසුගිය වකවානුවේදී අධිකරණ ක්‍රියාමාර්ග මෙන්ම අත්අඩංගුවට ගැනීම් හා ඇප නියමවීම් සිදු වූ අතර නාමල් රාජපක්ෂ නැවත අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page