
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම, හොංකොං පිල ලකුණු 71-47කින් පරාජය කරමින් අවසන් වටයට තේරී පත්වුණා. ඒ, ඉන්දියාවේ පැවැත්වෙන 2024 ආසියානු දැල්පන්දු ශූරතාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී. මූලික වටයේ සියලුම තරග ජයග්‍රහණය කරමින් අපරාජිතව අවසන් පූර්ව වටයට මුහුණදුන් ශ්‍රී ලංකා කණ්ඩායම එම වටයෙනුත් ජයග්‍රහණය කරමිනුයි අවසන් වටයට තේරී පත්වුණේ.
Comments