top of page

ශ්‍රී ලංකා - නවසීලන්ත ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට



ශ්‍රී ලංකා නවසීලන්ත කාන්තා විස්සයි විස්ස තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් වුවත් දෙපිළේම ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චමරි අතපත්තු අයිසීසී කාන්තා විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 06 වන ස්ථානයට පත්ව ඇති අතර, නිලක්ෂිකා ද සිල්වා ස්ථාන තුනක් ඉදිරියට පැමිණ තිබුණා.

නවසීලන්ත කණ්ඩායමේ බෲක් හැලිඩේ ස්ථාන 17ක් ඉදිරියට පැමිණ තිබීමද විශේෂත්වයක්. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඉනෝෂි ප්‍රියදර්ශනී විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 02ක් ද, සුගන්ධීකා කුමාරි ස්ථාන 07ක් ද, කවීෂා දිල්හාරී ස්ථාන 03ක් ද ඉදිරියට පැමිණ තිබෙනවා.


コメント


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page