top of page

ශ්‍රී ලංකාවේ ආහාර මිල පාලනය කරන්න 'සක්කරයටවත්' බැරි ද?

  • Jun 30, 2024
  • 1 min read

ree

කොළඹ පමණක් නොව රටේ ප්‍රධාන නගර ආශ්‍රිතව ජීවත් වන බොහෝ දෙනෙකු තම දෛනික ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට යොමු වන්නේ ‘කඩ කෑම’ වෙත ය.

ඒ, බොහෝ විට ඔවුන්ට තම ආහාර සකසා ගැනීමට පහසුකම් නොමැති වීම හේතුවෙනි.

එබැවින් තම මාසික වේතනයෙන් වැඩි කොටසක් ඔවුන්ට ආහාර සඳහා වැය කිරීමට සිදුව ඇත. එම පිරිවැය සාමාන්‍යයෙන් නිවසක ආහාර වේලක් සකස් කර ගැනීමේ පිරිවැයට සාපේක්ෂව ඉහළ බව ඔවුන්ගේ අදහසයි.

නමුත් වසර කිහිපයක සිට රට තුළ නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තම ආහාර අවශ්‍යතාව සඳහා වැය කරන මුදල දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඔවුහු පවසති.


ඔවුන් පෙන්වා දෙන්නේ, පාරිභෝගිකයින් ලෙස වැඩි මුදලක් වැය කළ ද ගුණාත්මක සහ ප්‍රමාණවත් ආහාර වේලක් සපයා ගැනීම අසීරු කාර්යයක් වී ඇති බව ය.

රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ අරමුණින් රජය විවිධ පියවර ගත්ත ද ඔවුන්ගේ ජීවන අර්බුදය සඳහා මෙතෙක් දැනෙන පිළිතුරක් ලැබී නොමැති බවට ඔවුහු මැසිවිලි නගති.

ඔවුන් පෙන්වා දෙන්නේ, ‘කඩ කෑම’ අධික මිල ගණන් යටතේ අලෙවි වීම හේතුවෙන් ‘මූලික අවශ්‍යතාවක් ලෙස ආහාර ගැනීමට ඇති තම අයිතිය පවා අහිමි වී ගොස් ඇති’ බව ය.

ඒ අනුව, හෝටල් සහ අවන්හල් මගින් අලෙවි කරන, පොදුවේ ‘කඩ කෑම’ ලෙස හඳුන්වන ආහාරවල මිල නියාමනය කිරීමට බලධාරීන්ට නොහැකි ද යන්න පිළිබඳව බීබීසී සිංහල සොයා බැලීමක් කළේ ය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page