top of page

ශිෂ්‍යත්ව ප්‍රතිඵල හා කඩයිම් ලකුණු නිකුත් කරයි



2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අද (23) පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

එසේම ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්ක අනුව කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ ඉහළම කඩඉම් ලකුණ 143 වේ. එය කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා අදාළ වේ.

එමෙන්ම දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ ඉහළම කඩඉම් ලකුණ 141 වේ. එය කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්කවලින් පෙනී සිටි සිසුන් සඳහා අදාළ වේ.


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page