top of page

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිට කළැයි කියන ගුරුවරයා අත්අඩංගුවට



පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයා ඔක්තෝබර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එම උපකාරක පංති ගුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 49 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි උපකාරක පංති ගුරුවරයෙක්.

මෙම උපකාරක පංති ගුරුවරයා නීතිඥයකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටි අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page