ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණ 188ක් වෙයි
- News Room
- Jan 24
- 1 min read

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ වනවිට පවත්වනු ලබන විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව අනාවරණය කර සිටියේය. ඉන් වැඩිම ලකුණු ලබාගත් දරුවා ලකුණු 188ක් ලබාගෙන තිබෙන බව හෙතෙම පැවසීය. ඊට අමතරව දරුවන් 17 දෙනෙකු ලකුණු 187 හා 186 සීමාවේ පසුවන බව ද විභාග කොමාරිස් ජනරාල් පැවසීය.
Comments