top of page

සජබ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර 4 නම් කරයි



සමගි ජන බලවේගයේ පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර 04 සඳහා අදාළ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සුජීව සේනසිංහ, දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිෂාම් කාරියප්පර් සහ සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ මොහොමඩ් ස්මයිල් මුත්තු මොහොමඩ් යන අය මෙලෙස නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ. එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා මේ වන විටත් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පත් කර තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page