සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරයි
- News Room
- Dec 18, 2024
- 1 min read

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය අධ්‍යාපන සුදුසුකම් අද(18) පාර්ලිමේන්තුවේ දී සභාවට ඉදිරිපත් කළා.
එහි දී විපක්ෂ නායකවරයා සඳහන් කළේ, තමා සිය පෙර පාසල් අධ්‍යාපනය ලැබුවේ ශාන්ත බ්‍රිජට් කොන්වට් එකේ බවත්, 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයේ බවත්, 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා රාජකීය විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබූ බවත්, තමන් මෙරට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී නොසිටි බවත් පැවසුවා.
අනතුරුව තමා එංගලන්තයේ මිල්හිල් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ බවත්, 1983 - 1984 කාලසීමාව තුළ එරට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට A සාමාර්ථ 2ක්, B සාමාර්ථ 2ක්, සහ C සාමාර්ථ 3ක් සමග එම විභාගය සමත් වූ බවත් එහි ප්‍රතිපල ලේඛණ පෙන්වමින් සඳහන් කළා.
මේ අතර එක්තරා ගුරුවරයෙකු තමාගේ ප්‍රතිපල යැයි සඳහන් කරමින් W9ක ව්‍යාජ ප්‍රතිපලයක් නිකුත් කර ඇති බවත් සඳහන් කළා. තව ද උසස් පෙළ හා සමාන Upper 6th පන්තියේ දී දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව සඳහා මිල්හිල් විද්‍යාලයේ School Prize එකත් ලබා ගත් බව පැවසුවා.
එසේ ම උසස්පෙළ විභාගය සඳහා B සාමාර්ථ 2ක් C සාමාර්ථයක් ලබා ගනිමින් සමත් වූ බවත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.






Comments