top of page

සද්ධාරතන හිමියන් සංඝ සභාවෙන් නෙරපයි



පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝ සභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව තීරණය කර තිබෙනවා.

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව සොයාබැලීමක් සිදුකර ඇති අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බව රාමඤ්ඤ මහා නිකාය සඳහන් කළා. උන්වහන්සේ පවත්වාගෙන ගිය Youtube නාලිකාවක් තුළින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ පිළිබඳව පසුගිය සමයේ පාර්ශව රැසකගේ විවේචනයට ලක්ව තිබුණා.

Yorumlar


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page