top of page
News Room

සහල් ආනයන කාලය දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි



සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම ලබන ජනවාරි 10 දා දක්වා දීර්ඝ කිරීමට අදාල විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

සහල් හිගයට විසදුමක් වශයෙන් රජය සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයටත් ලබා දී තිබූ කාලය පසුගිය 20 දා අවසන් වූ අතර යලි එම අවසරය ලබන ජනවාරි 10 දා දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගත්තේය. මේ වනවිට ආනයනකරුවෝ ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 67000 ක් මෙරටට ආනයනය කර ඇතැයි රේගුව පවසයි.

රජයද සහල් ආනයනය කරන බව ප්‍රකාශ කළද මේ දක්වා සහල් ආනයනය කර නැතැයි රේගු ආරංචි මාර්ග සදහන් කරයි. මේ අතර ආනයන කරන සහල් නිෂ්කාශනය කිරීමේ කටයුතු නැවත අද (26) සිට ආරම්භ කළ බව ද රේගුව පවසයි.

2 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page