සුජීව සේනසිංහගේ ජීප් රථය CID භාරයට ගන්නැයි අධීකරණයෙන් නියෝග
- News Room
- Nov 11, 2024
- 1 min read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ භාවිත කළ කළු පැහැති V8 වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ මෝසමක් අද (11) සලකා බැලූ අවස්ථාවේදී එම නියෝගය සිදු කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ මෝටර් රථය වැඩිදුර පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණය මීට පෙර අවසර දී තිබුණු අතර,එය රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැගෙන යාමට කටයුතු කර තිබුණා.






Comments